Pages

Subscribe:

Tuesday, March 3, 2020

අන්තර්ජාලය තුලදී ප්‍රවේශම් විය යුතු වංචාවන්

මිනිසා විසින් සොයාගත් තවත් එක් අපූරු දෙයක් තමයි මේ අන්තර්ජාලය. එදිනෙදා ජිවිතයට බෙහෙවින් ඉවහල් වන අපූරු සේවාවන් හා සම්පත් රැසකගෙ
න් සමන්විත තැනක් තමයි මේ අන්තර්ජාලය. සැබෑ ලොව තුලත් නරක පුද්ගලයින් විසින් සිදු කරන වංචනික ක්‍රියා හා අපාරාද බොහෝ සෙයින් සිදුවන්නා සේම මේ අන්තර්ජාලය තුලත් සිදුවන අපරාද හා වංචනික ක්‍රියා බොහොමයි. අන්තරජාලය තුල ඔබ දකින සෑම දෙයක්ම ඇත්ත නෙවෙයි. යම්දෙයක් පෙනුමෙන් අපූරු හා සත්‍යක් ලෙස ඔබ දුටුවත් එහි සැබෑව බොරුවක් වෙන්නට පුළුවන්. නොදැනුවත්කම නිසාවෙන්ම ඔබත් මෙවැනි අත්දැකීම් වලට මුහුණ දී තිබෙනවා වෙන්නට ඇති. ඉතින් අද මෙම ලිපියෙන් මම බලාපොරොත්තු වෙන්නේ අන්තර්ජාලය තුල නිතර දක්නට ලැබෙන ඔබව පහසුවෙන් මුලාවිය හැකි වංචා කිහිපයක් ගැන ඔබව දැනුවත් කරන්නයි.


ඔබේ Facebook profile එක බැලුවේ කවුද?

image

තමන්ගේ Facebook profile එක recently view කලේ කවුරුන්ද යන්න සොයාබලා ගැනීම සදහා ඔබේ මිතුරන් App එකක් බාවිතා කරනබවත් එම App එක මගින් ඔවුන්ගේ profiles වල ඒ බව සදහන් කරමින් පල කර තිබෙන posts, Facebook එක තුල ඔබ අනන්තවත් දැක ඇති බව මම විස්වාස කරනවා. කවුද අකමැති තමන්ගේ profile එක recently visit කලේ කියලා දැනගන්නට. එහෙම නේද? නමුත් කනගාටුවට කාරණය තමයි ඒ App එකට තියා වෙනත් කිසිදු තුන්වන පාර්ශවයේ Application එකකට හැකියාව නැහැ ඒ දේ කරන්නට. මෙම App එක මගින් සැබෑවටම වෙන්නේ එය බාවිතා කරන ඔබේ පුද්ගලික තොරතුරු සොරා ගැනීමත් හා ඔබ ලවා මෙම Scam එක ඔබේ මිතුරන් අතරේත් ව්‍යාප්ත කිරීම පමණයි.

Facebook විසින් මේ සම්බන්දයෙන් ඔවුන්ගේ Help Section එකේ අදහස් දක්වා තිබෙන්නේ මෙසේයි,

image
This image has been resized to fit in the page. Click to enlarge.

මෙයින් පහසුවෙන් ආරක්ෂා වීමට නම් Internet Security එකක් සහිත හොද ප්‍රතිවයිරස් මෘදුකාංගයක් ඔබේ පරිගණකයේ තිබිය යුතුයි. ඒ සදහා ඔබට “AVG Internet Security” වැනි ප්‍රතිවයිරස් මෘදුකාංගයක් හෝ එසේත් නැතිනම් “Bitdefender Safego” Facebook App වුවද මෙවැනි Scams නතු කරගැනීම සදහා බාවිතා කල හැකියි.

ව්‍යාජ Download buttons

image
This image has been resized to fit in the page. Click to enlarge.
සමහර අවස්තාවදී කුමක්ද හරි හෝ වැරදි යන්න තෝරාගැනීම හරිම අසීරුයි. උදාහරණයකට ගත්තොතින් ඔබ නොමිලේ මෘදුකාංග ලබාදෙන වෙබ් අඩවියකට පිවිසුනතින් බොහෝ අවස්ථාවල Download buttons රැසක් දක්නට ලැබීමෙන් නිවැරදි Download button එක කුමක්ද යන්න සොයා ගැනීම ව්‍යාකුල කටයුත්තක් වෙන්න පුළුවන්. එවැනි වෙබ් අඩවි වල Download button එකත් සමග තිබෙන අනෙක් download buttons වගේ තිබෙන සියල්ලම Ads වල ව්‍යාජ downloads buttons ලෙස හදුන්වන්න පුළුවන්.

මෙවැනි ව්‍යාජ download buttons ක්ලික් කිරීමෙන් අනවශ්‍ය toolbars, spyware හෝ වෙනත් අන්තරාදායක දේවල් ඔබේ පරිගණකයේ ස්ථාපිත වී ඔබේ පරිගණකයේ වේගය අඩාල කිරීමට ඉඩතිබෙනවා. Free file sharing වෙබ් අඩවි, Tottent search engines වගේ වෙබ් අඩවි වල තිබෙන මෙවැනි ව්‍යාජ download buttons ක්ලික් කර බලාපොරොත්තු නොවුන දෑ download කරගැනීමෙන් ඔබ ඉමහත් අපහසුතාවයන් වලට පත්වෙන්නට ඉඩ තිබෙනවා.

නිවැරදි download button එක සොයාගැනීම අසීරු කටයුත්තක් නම්, එම download buttons වලට අදාළ links මොනවාද යන්න සොයා බලගැනීමෙන් අනතුරුව ඔබට නිර්ණය කරන්නට පුළුවන් මොකක්ද නිවැරදි download button එක යන්න. එසේත් නැතිනම් පහසුවෙන්ම ඔබට පුළුවන් Ad-blocking Add-on\extension එකක් ඔබේ වෙබ් බ්‍රවුසරයට ස්ථාපිත කරගෙන මෙවැනි Ads මගහැර දැමීමට.


නොමිලේ දෙනවයි කියන බොහොමයක් දේ සැබෑවටම ලැබෙන්නේ නැහැ.

සමහර වෙබ් අඩවි හා සේවාවන් විසින් softwares, business cards, free membership එහෙමත් නැතිනම් මිලදී ගැනීම් සදහා 100% discount, නැතිනම් මේ දිනවල Facebook එකේ බොහෝ දෙනෙක් share කරන Galaxy S IV device 5-6 ක් සම්බන්ද give away එක වැනි giving away බොහොමයක් නිතර අපිට අන්තර්ජාලය තුල දකින්න ලැබෙනවා. ඉතින් ඒවායේ සත්‍යතාවය ගැන ඔබ අපි කවුරුත් දන්නේ නැහැ.

මම හිතන විදියට මුලින්ම ආරම්බ කරන company කිසිවක් කවදාවත් ඔබට නොමිලේ මොනවත් දෙන්නේ නැහැ. නොමිලේ දෙන්න ගත්තහම කොහමද ඔවුන් ඔවුන්ගේ company එක පවත්වාගෙන යන්නේ? සමහර වෙබ් අඩවි වල මම දැක තිබෙනවා ඔවුන් 100% ක් discount දෙන බව කීවද, එම දීමනාව ලබාගැනීම සදහා එම භාණ්ඩයට හෝ සේවාවට අමතර තවත් භාණ්ඩයක් හෝ සේවාවක් ඔවුන්ගෙන් මිලදී ගැනීමට සිදුවනවා. නිමිළේ business cards ලබාදෙන බව පවසා shipping fee වැනි සැගවුණු ගාස්තු අයකරගන්නා සේවාවනුත් අන්තරජාලය තුල මම දැක තිබෙනවා. ඔයිට අමතරව තවත් බොහොමයක් වංචනික giveaways අන්තර්ජාලයේ එමටයි. හොද reputation එකක් තිබෙන ආයතනයකින් හෝ සේවාවක් මගින් සිදු කරන give away contest බොහෝවිට අපිට විස්වාස කරන්නට පුළුවන්. කොහොම උනත් මෙවැනි giveaway contest වලට සහබාගි වී ඔබේ වාසනාව උරගා බලනවාද නැද්ද යන්න ඔබ තීරණය කලයුතුයි.

නොමිලේ දෙන iPhones හා iPads

image
This image has been resized to fit in the page. Click to enlarge.

කවුද අකමැති නොමිලෙ අඩු මුදලකට නවතම iPad එකක් තමන්ගේම කරන්න? මෙවැනි වෙබ් අඩවි වලට අහම්බෙන් ඔබ ගොඩ වැදිලා ඇති. නමුත් ඔබ ඔවුන් මේ ලබාදෙන iPad එක නොමිලේ ලබාගන්න නම්, ඔබ ඔවුන්ගේ rules වලට අවනත විය යුතුයි. ඔබට සිදු වෙනවා ඔවුන්ගේ Facebook පිටුවට like අරන්න, ඔවුන්ගේ hastag එකත් සමගින් Twitter හි tweet කරන්න, ඒ වගේම අනෙකුත් social networks වල share කරන්න. කෙටියෙන් කියනවානම් ඔබට සිදු වෙනවා ඔබේ මිතුරන් අතරේ මෙය පතුරවා හරින්නට. මොනදේ කලත් මෙයින් ඔබට iPad එකක් ලැබෙන්නේ නැහැ. මෙවැනි දේ සම්බන්දව තීරණ ගන්නා විට හොදින් සිතා බලා තීරණ ගන්න. එයින් ඔබට පුළුවන් මෙවැනි වංචාවන්ගෙන් ඔබත් ආරක්ෂා වී ඔබේ මිතුරන් හා කාලයත් ආරක්ෂා කරගන්න.

විස්වාවස කරන්න. ඔබ එම වෙබ් අඩවිය visit කරන 100,000 වැන්නා නෙවෙයි.

image

ඔබ සමහර වෙබ් අඩවි වලට පිවිසුණු පසු සමහර විට ඔබ දැක ඇති ඔබ එම වෙබ් අඩවියට පිව්සි 100,000 (හෝ වෙනත් අගයක්) වැන්නා බවත් ඒ සදහා ඔබ ත්‍යාග මුදලක් හෝ වෙනත් යමක් දිනා ඇති බව දක්වමින් එම වෙබ් අඩවිය තුල යමක් pop-up වෙන බව. ඔබ අන්තර්ජාලයට නවකයෙකුව සිටි අවදියේ එවැනි දෑ දැක මහත් සන්තෝසයට පත්වී ඒ ඔස්සේ ගොස් ඔබේ email ලිපිනයන් හා අනෙකුත් ඔබේ විස්තර ලබාදෙන්නට ඇති. ඒත් ඔබට එයින් කියූ ත්‍යාග මුදල ලැබුනද? නැහැ. නමුත් අනවශ්‍ය emails තොගයක් ඔබේ inbox එකට ලැබෙන්න නම් ඇති. මෙවැනි වරැවටීම් වලට අන්තර්ජාලයට පිවිසෙන නවකයින් බොහෝ දෙනෙක් මුහුණ දෙනවා. ඉතින් මෙවැනි දෑ දුටුවහොත් නොදැක්ක මෙන් එයින් ඉවත් වී ඔබ එම වෙබ් අඩවියට පිවිසි අවස්යතාවය සපුරාගන්න කටයුතු කරන්න. එයුන් ඔබට පුළුවන් ඔබේ කාලය ආරක්ෂා කරගන්න අනවශ්‍ය email spam වලින් ආරක්ෂා වෙන්නටත්.

ඉතින් මෙවැනි වංචනික දේවල් හදුනාගෙන එයින් ඈත් වීමට කටයුතු කිරීම අන්තර්ජාලය තුලදී ඔබේ ආරක්ෂාව සදහා තබන තවත් එක් සාර්ථක පියවරක් ලෙස හදුන්වන්න පුළුවන්. අන්තර්ජාලය තුල නිතර මුණගැසෙන මෙවැනි වංචනික ක්‍රියා පිලිබදව ඉදිරියේදී තවත් ඔබව දැනුවත් කිරීමට මම බලාපොරොත්තු වෙනවා.

0 comments:

Post a Comment