Pages

Subscribe:

Friday, July 10, 2015

hard එකේ partition කාටවත් පේන්නෙ නැති විදිහට හන්ගමුද?

කොහොමද යාලුවනේ ඉතින්.ඊයෙත් post එකක් දාන්න බැරි වුනානේ නේද?ඔන්න මන් අද ඔයාලට ගෙනාවෙ කිසිම so‍ftware එකක් නැතුව hard එකේ partition පේන්නෙ නැති විදිහට හදා ගන්න විදිහ.මේක ගොඩක් යාලුවෝ නම් දන්නෝ ඇති.එත් නොදන්න යාලුවොත් ඉන්නෝනේ නේද?
එහෙනම් ඔන්න වැඩේ පටන් ගමු නේද?

මුලින්ම My Computer එකේ Rright කරලා manage යන්න මෙන්න මේ විදිහට...
ඊළගට මෙහෙම එකක් එයි.
දැන් ඒ ආපු එකේ ඔයාලා Disk Management කියන එක click කරන්න.එතකොට මෙන්න මේ පහල රූපේ තියෙන වගේ එකක් එයි.
දැන් ඒ ආපු එකේ C,D,E, කියල තියෙනෝ නේද?ඔයාගේ C,D කියල විතරක් තියෙන්නත් පුළුවන්.ඊට වඩා වැඩි වෙන්නත් පුලුවන්.ඒක නිසා කලබල වෙන්නේ නැතුව ඔයාට HIDE කරන්න ඕන partition එක උඩ right click කරන්න.මෙන්න මේ විදිහට.මන් hide කරන්නේ D එක.ඔයාලත් ඔයාලට කැමති එකක් hide කරන්න.
 උඩ රූපේ තියෙනෝ නේද Change Drive Letter and Paths කියල එකක්.ඒක click කරන්න.එතකොට මේ පහල රූපේ වගේ එකක් එයි.
උඩ රූපේ තියෙනෝ නේද Add    Remove කියල 2ක්.ඒකෙන් Remove කියන එක click කරන්න.හෝ හෝ පොඩ්ඩක් ඉන්න.ඊට කලින් උයා ඔතන උඩ තියෙනෝ නේද D කියල එකක්.ඒක උඩ click කරලා Remove දෙන්න.මතක තිය ගන්න.ඔයා hide කරන Partition එක අනුව D කියන එක වෙනස් වෙනෝ.
දැන් remove කියන එක click කරහම මෙහෙම එකක් එයි.
දැන් බය නැතුව yes දෙන්න.
දැන් බලන්නකෝ ඔයාගේ ඒ partition එක පේන්න නෑ නේද කියල.
දැන් කොහොමද ආයිත් මේ hide කරපු එක පෙන විදිහට හදා ගන්නේ.එක කරන්නේ මෙහෙමයි.
කලින් වගේම my computer right click කරලා manage කියන එක click කරහම කලින් වගේ එකක් එයි.එකේ ඉස්සෙල්ල වගේම ඔයා ඩිස්ක් management දෙන්න,ඊට පස්සේ ඔයා අර hide කරපු partition එක උඩ right click කරලා change drive letter and paths කියන එක click කරන්න.දැන් add කියන එක දීල ඊලගට එන එක ok දෙන්න.
දැන් බලන්න හිදේ කරපු එක දැන් පෙනෝ නේද?

0 comments:

Post a Comment