Pages

Subscribe:

Monday, April 7, 2014

පරිගණකය AUTO SHUTDOWN හෝ RESTART කරමු. [SHUTDOWN OR RESTART YOUR COMPUTER AUTOMATICALLY]



අපිට අවශ්‍ය වෙලාවට computer එක auto shutdown හෝ restart කරන්න පුළුවන් විදිහක් තමා අද කියන්න යන්නේ. Software භාවිතා කරලත් මේ වැඩේ කරන්න පුලුවන්, ඒත් මම අද කියන දේ කරන්න software මුකුත් install කරන්න ඕන නෑ. හොදයි එහෙනම් වැඩි කතා නැතිව අපි වැඩේට බහිමුකො...

මුලින්ම run එක open කරලා එකේ 'shutdown -i' කියල type කරලා ok කරන්න.



Run එකෙන් නැතිව cmd එකෙන් කරනවනම් 'shutdown.exe -i'  කියල type කරලා enter කරන්න.


ඔය දෙකෙන් මොන එක කරත් අන්තිමේට 'Remote Shutdown Dialog' කියල window එකක් තමා open වෙන්නේ.


Add කියන තැනට ගිහින් තමන්ගේ computer එකේ නම දෙන්න.පරිගණක කිහිපයක් ජාලගත කරලා තියනවනම් Add කියන තැනට ගිහින් shutdown හෝ restart කිරීමට අවශ්‍ය පරිගණකයේ නම දෙන්න.පරිගණකයේ නම දන්නේ නැත්තම් 'My Computer' එකේ 'Properties' යන්න. ගියාම 'Computer Name' කියන තැනින් බලාගන්න.


ඔතන 'server-com' කියල තියෙන්නේ මගේ computer එකේ නම. ඔයාල ඕගොල්ලන්ගේ එකේ තියන නම දෙන්න. Computer Name එක හරියටම දෙන්න ඕන නැත්තම් මේක වැඩ කරන්නේ නෑ.computer එකේ නම දුන්නට පස්සේ ඔතනින් computer එක shutdown කරන්න ඕනෙද නැත්තම් restart කරන්න ඕනෙද කියල select කර ගන්න.


'Warn users of the action' කියන තැන tick එල දාලම තියන්න. Tick එක දැම්මේ නැත්තම් ඕක fill කරලා ඉවර වෙලා ok කරපු ගමන්ම computer එක restart හෝ shutdown වෙයි.

'Display warning for' කියන තැනට computer එක on එකේ තියන්න ඕන වෙලාව දෙන්න.


'Shutdown Event Tracker' එක වෙනස් කරන්න එපා. තියන විදිහටම 'Other(Planned)' කියලම තියන්න.

'Comment' කියන තැනට display වෙන්න ඕන message එක type කරලා ok කරන්න.

දැන් වැඩේ හරි. අන්තිමේට මේ වගේ window එකක් තම තියෙන්නේ.

 වැඩේ හරිනේ. ප්‍රශ්න තියනවනම් පහළින් comment එකක් දාන්න.


 වැඩේ හරිනේ. ප්‍රශ්න තියනවනම් පහළින් comment එකක් දාන්න.

0 comments:

Post a Comment