Soft Lanka වෙත මම ලියන පළමු ලිපියයි මේ. මම නමින් හර්ෂ සමරනායක. හොඳයි අද සිට මම ඔබට පරිගනක ක්‍රම
ලේඛන භාෂාවක් (Programming Language) වන Microsoft Visual C#.Net පරිගනක
ක්‍රම ලේඛන භාෂාව ගැන සරල සිංහල පාඩාම් මාලාවක් ගෙන ඒමට සූදානම්. මුලින්ම
කියන්න ඕනෙ මේක C හෑෂ් නෙවෙයි C ෂාප්.
C# කියන්නේ වාණිජ මට්ටමේ මෘදුකාංග නිර්මාණය කළ හැකි පරිගනක ක්‍රම ලේඛන භාෂාවක් (Programming Language). මෙය අපි කවුරුත් දන්නා Microsoft සමාගමේ ක්‍රම ලේඛන භාෂාවකි. ඒ කියන්නෙ ගොඩක් දියුණු Programming Language එකක්. ප්‍රධාන වශයෙන් මෙම ක්‍රම ලේඛන භාෂාවෙන් Console Application, Desktop Application මෙන්ම Web Application ද නිර්මාණය කළ හැක. එහෙත් අප මෙම පාඩම් මාලාවෙන් සාකච්ඡා කරනුයේ Desktop Application පිළිබඳවයි.
Console Application
Console Application යනු Graphical User Interface එකකින් තොරව Command
Prompt (CMD) වැනි Console එකක Run වන Programs ය. මුල් කාලයේ පැවතියේ
මෙවැනි Application ය.
Desktop Application
Desktop Application යනු අපි දැනට සාමාන්‍යයෙන් භාවිතා කරන Application ය.
Graphical User Interface එකක් සහිතව මේවා ක්‍රියාත්මක වේ. එනම් සාමාන්‍ය
Windows තුල Run වන Programs ය.
Web Application
Web Application යනු වෙබ් තාක්ෂණය යොදා ගනිමින් වෙබ් බ්‍රව්සර් එකකින් open
වන ඕනෑම තැනක සිට Accsess කළ හැකි Programs ය. මේවා Severs තුල ගබඩා කොට
භාවිතා කරයි. Bank වල භාවිතා කරනුයේ මෙම Web Application ය. ඒ මන්ද යත් රට
පුරා ඇති සේවා ජාල වල තොරතුරු වලට රටේ ඕනෑම ශාඛාවක් මගින් ඇතුල් වීමට
හැකියාව තිබිය යුතු නිසාය.
මෙම Programming Language එක Case sensitive Language එකක්. එනම් මෙම භාෂාව තුල Capitel Letters හා Simple Letters වලින් යෙදෙන එකම වචනයක් වුවත් එම වචන දෙක එක වචනයක් සේ නොසලකයි. එනම් Apple, APPLE, aPPle යන වචන 3ම ඇපල් උවත් මෙහිදී එය වචන 3ක් සේ සලකයි. තවද C# යනු .NET Framework පාදක කොටගත් ක්‍රම ලේඛන භාෂාවකි.
අපි දැන් බලමු මේ .NET Framework කියන්නෙ මොකක්ද කියලා. එක එක ජාතියේ මෙහෙයුම් පද්දති වලට විධාන දෙන්න ඕනේ එක එක විදියට. එහෙම උනාම වෙනස් ජාතිවල මෙහෙයුම් පද්දති වල වැඩකරන්න නම් වෙනස් විදිවලට ක්‍රමලෙඛන සකස් කරන්න ඕනේ. කොටින්ම කියනවා නම් අපි C# කියන ක්‍රමලේඛන භාෂාව භාවිතා කරලා වින්ඩෝස් මෙහෙයුම් පද්දතියක් තුල වැඩකරන්න හදන වැඩසටහනක් ලිනක්ස් මෙහෙයුම් පද්දතියක වැඩ කරන්නේ නැහැ. ඉතින් මේ දුර්වලතාව මගහැරගන්න මැද්දට ආවා පරිවර්තකයො. එයාලා කරන්නේ අපි ලියන එක වැඩසටහනක් එක එක මෙහෙයුම් පද්දති වල වැඩ කරන්න සකස් කරවන එක. ඒ ජාතියේ පරිවර්තකයෙක් තමා .NET Framework එක කියන්නේ. මේ .NET Framework අපි වැඩසටහන ක්‍රියාත්මක කරන මෙහෙයුම් පද්දතිය මත .NET Framework for Windows, .NET Framework for Linux යනුවෙන් වෙනමම ලබාගන්න තියෙනවා. මෙහි අනු කන්ඩද වෙන වෙනම තියනව එනම්.
- .NET Framework 1.0
- .NET Framework 1.1
- .NET Framework 2.0
- .NET Framework 3.0
- .NET Framework 3.5
- .NET Framework 4.5
- .NET Framework 4.5.1
හුගක් මෙහෙයුම් පද්දති වලනම් මෙම .NET Framework ස්ථාපනය (install) වෙලාම
එනවා. මොකද අපි C# භාෂාව භාවිතා කරලා ලියන වැඩසටහනක් වින්ඩෝස්, ලිනක්ස්
වැනි වෙනමම මෙහෙයුම් පද්දති භාවිතා කරන පරිඝණක වල භාවිතා කල හැක. එයට
කියන්නේ Platform Independence කියලා. ඉතින් මේ කිව්ව .NET Framework එක උඩ
වැඩ කරන ක්‍රමලේඛන භාෂා ඇතුලු අනෙකුත් තාක්ෂණ වලට තමා .NET Technologies
කියන්නේ. ඔයාලත් සමහර softwares install කරන්න ගියාම මේ .NET Framework
install කරන්න කියනව නේද? ඒ එක එක software වලට ඕනෙ .NET Framework Vesion
එක පරිගනක වල නැත්තම් කරන ඉල්ලීමක්. ඉතින් .NET Framework ගැන කිව්වා
ඇතිනෙ. පහත ආකාරයට තමා C# වලින් හදන Application එකක් OS එක හා සම්බන්ධ වී
Run වන්නෙ.
අපි යමු අපේ පාඩමට. C# වලින් වැඩ කිරීමට අපට Visual Studio.NET නම් Development Tool එක අවශ්‍ය වෙනව. මේකත් Microsoft සමාගමේ අනර්ග නිපැයුමක්. ඉතින් අපේ ඉදිරි පාඩම් සදහා මෙම මෘදුකාංගය ඔබට අවශ්‍ය වන නිසා ඔයාලට ඒක අපගේ බ්ලොග් අඩවියෙන්ම Download කර ගැනීමට හැකියාව ඇත. මෙය තරමක් විශාල ගොනුවක් වන නිසා Download කර ගැනීමට හැකියාව නොමැතිනම් නිවසටම ගෙන්වා ගැනීමට අපට e-mail කරන්න. itdanumabedagamu@gmail.com
Microsoft Visual Studio 2008, 2010, 2012 ලෙස මෙහි Version තිබුනත් මෙහි
අලුත්ම Version එක වන්නේ Microsoft Visual Studio 2013 ය. මෙහිත්
Ultimate, Premium, Professional, Test Professional හා Team Foundation
Server අනු කොටස් තිබුනත් අපේ පාඩම් මාලාව ඉදිරිපත් කරන්නේ Microsoft
Visual Studio 2013 Ultimate යොදා ගෙන වුවත් ඊට පෙර ආ සංස්කරණ වලිනුත්
කිසිදු අපහසුතාවයකින් තොරව ඔබට අපගේ පාඩම් මාලාව හා සම්බන්ධ විය හැක. තව
දෙයක් කියනවානම් Microsoft Visual Studio යන Development Tool එකෙන්
Develop කළ හැක්කේ C# මගින් කරන මෘදුකාංග පමණක් නොවේ. Visual Basic, Visual
C++, Visual F#, JavaScript, Phython වැනි Programming Language වලටද මෙය
සහය දක්වනව.
මෙය පළමු කොටස නිසා කෙටි හැදින්වීමක් පමණයි ඔබට ලබා දෙන්නෙ. තවත් පොඩි පොඩි කරුණු තිබුනත් කියන්න එවා පාඩම් මාලාව අතරතුර කියන්න බලාපොරොත්තු වෙනව. ඉතින් අපි මෙම ලිපි පෙලේ දෙවන කොටසින් Microsoft Visual Studio 2013 හි අතුරු මුහුනත් පිලිබදව ඔබට හදුන්වාදීමට සූදානම්. එතැන් පටන් සරල දේ සිට ඉතා සංකීර්ණ දේ දක්වා මා ඔබට පහදා දීමට සූදානම්. ගැටළුවක් වෙතොත් අපගේ Facebook Group එක මගින් හෝ බ්ලොගයේ Comment කර ඉදිරි පත් කරන්න.
කරුණාකර කතෘ අයිතිය සුරකින්න.
0 comments:
Post a Comment